කුරුණෑගලට නව නගරාධිපතිවරයෙක්

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරන සුමේධ අරුණ ශාන්ත තේරී පත්ව තිබෙනවා.

අද පැවති ඡන්ද විමසීමෙන් ඔහු ඡන්ද 10ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නගරාධිපති ධුරය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද තරග වැදුණු අතර ඔහුට හිමිවී ඇත්තේ ඡන්ද 6ක් පමණයි.

නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ පසුගිය දෙසැම්බර් මස 31 වනදා සිට නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවට දැනුම් දෙමින්.

එම හේතුව මතයි නව නගරාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමක් පැවැත්වුණේ.

2023 වසරට අදාළව හිටපු නගරාධිපති තුෂාර සංජීව ඉදිරිපත් කළ අයවැය ලේඛණය සම්පාදනය සහ බලාත්මක කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවටයි ආණ්ඩුකාරවරයා ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?