කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරන සුමේධ අරුණ ශාන්ත තේරී පත්ව තිබෙනවා.
අද පැවති ඡන්ද විමසීමෙන් ඔහු ඡන්ද 10ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
නගරාධිපති ධුරය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද තරග වැදුණු අතර ඔහුට හිමිවී ඇත්තේ ඡන්ද 6ක් පමණයි.
නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ පසුගිය දෙසැම්බර් මස 31 වනදා සිට නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවට දැනුම් දෙමින්.
එම හේතුව මතයි නව නගරාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමක් පැවැත්වුණේ.
2023 වසරට අදාළව හිටපු නගරාධිපති තුෂාර සංජීව ඉදිරිපත් කළ අයවැය ලේඛණය සම්පාදනය සහ බලාත්මක කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවටයි ආණ්ඩුකාරවරයා ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ කර තිබුණේ.














KARAN GOYYA HITAPU EKA PANNUWA WITHARAYI MENNA NEWS YANAWA GOYYA HORA LEE JAWARAMAK KARAGENA YANAWA KIYALA, BALANNA GIYA AYATA THREAT KALA LU MEKA GOTHA YAGE WEDAK KIYALA.