AFC Banner
Empty Ad
Empty Ad

කුම්බමේලා උත්සවයේ දී සෙනග කළමනාකරණයට AI තාක්ෂණය

උත්තර් ප්‍රදේශ් රජය ප්‍රයග්‍රාජ් හි ලබන වසරේ පැවැත්වෙන මහා කුම්බි උත්සවයේ දී සෙනග කළමනාකරණය සඳහා කෘත්‍රීම බුද්ධිය පදනම් කරගත් තාක්‍ෂණ සහ මෙවලම් භාවිතා කිරීමට නියමිත බව NDTV වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ දැවැන්ත උත්සවය සඳහා තාක්ෂණය හැකි තාක් ගන්නා ලෙසයි.

කුම්බ් යනු ඉන්දියාවේ පොහොසත් ආගමික හා සංස්කෘතික උරුමයන් ලෝකයට ගෙන යන ප්‍රධාන වේදිකාවක්.

“පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඕනෑම අප්‍රසන්න සිදුවීමක් වළක්වා ගැනීම සඳහා ඵලදායී සමූහ කළමනාකරණය සඳහා තාක්ෂණයේ වාසිය භාවිතා කළ යුතුය. ජන ඝනත්වය පිළිබඳ ව අවධානයෙන් සිටීමට AI මත පදනම් වූ උපකරණ සහ ශිල්පීය ක්‍රම භාවිතා කළ යුතුය. ” ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ප්‍රාන්තයේ හෙක්ටයාර 4000ක පමණ ලබන වසරේ කුම්බ උත්සවය සංවිධාන කෙරෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?