AFC Banner
AFC Banner
Empty Ad

කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සමඟ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

අඟල් 05ක් පමණ කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

61 හැවිරිදි වියේ පසු වූ අදාල උප පොලිස් පරීක්ෂකවරයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පිස්තෝලය සමඟ එම ගිනි අවිට යෙදිය හැකි ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 03ක්, උල් පිහියක්, ව්‍යාජ ලෙස සකස්කරන ලද ජාතික හැඳුනුම්පතක් සහ යතුරුපැදියක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වළදී අනාවරණය වී ඇත්තේ මොහු පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්ව අසනීප හේතු මත පොලීසියෙන් ඉවත් වූ අයෙකු බවයි.

අදාල ගිනි අවිය මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවත් තම ආරක්ෂාවට එය ළඟ තබාගෙන සිටි බවත් ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරු අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?