ඌරුබොක්ක, හීගොඩ හන්දියේ ඊයේ (27) දින ගිලන් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.
එම අනතුරෙන් ගිලන් රථයේ සිටි වෛද්‍යවරයෙකු, හෙද නිලධාරියෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු සහ ගිලන් රථයේ රියදුරා තුවාල ලබා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර කෙරුණා.
වයස අවුරුදු එකයි මාස හයක කුඩා දරුවෙකු ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ සිට ඇඹිලිපිටිය මහ රෝහල් වෙත රැගෙන යාමේදී මෙම අනතුර සිදුවුණා.
කුඩා දරුවාට සහ එම රථයේ සිටි දරුවාගේ පියාට කිසිඳු හානියක් නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ සිට ඌරුබොක්ක මාතර ප්‍රධාන මාර්ගයට ගිලන් රථය ඇතුලත් කරනවාත් සමගම මාතර දෙස සිට පැමිණි ලොරි රථයක් ගිලන් රථයේ වැදී මෙම අනතුර සිදුව තිබුණා.
පසුව වෙනත් ගිලන් රථයකින් කුඩා දරුවා ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් කුරුවිට, උඩවත්ත ප්‍රදේශයේ පදිංචි 31ක් හැවිරිදි ලොරි රථ රියදුරා ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (28) දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.