කුඩා දරුවෙකු ඇතුලු සිව්දෙනෙක් ශීතලට ගල් වී අවසන් ගමන් යයි

කැනඩාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙමින් සිටි කුඩා දරුවෙකු ඇතුළු සිවු දෙනකු කැනඩාවේ මෙම දිනවල පවතින අධික ශීතල දේශගුණය හේතුවෙන් කැනඩා -ඇමරිකානු දේශසීමාව අසලදී ගල් වී මිය ගොස් සිටියදී දේශ සීමා බලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඉකුත් බදාදා දිනයේ මෙම සිවු දෙනාගේ අධික ශීතලට ගල් වූ සිරුරු සොයා ගත් අවස්ථාවේ එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 35ක් ව තිබී ඇත.

මෙසේ මිය ගොස් ඇති සිවු දෙනාගෙන් දෙදෙනකු වැඩිහිටියන් වන අතර අනෙක් දෙදෙනා කුඩා දරුවෙකු හා තරුණ අයෙකු බව අනාවරණය වී තිබේ.

රාජකීය කැනේඩියානු පොලිසියට අනුව මෙසේ මිය ගොස් ඇති පිරිස පැවති දරුණු හිම පතනයට කොටු වීමෙන් හටගත් අධික ශීතල හේතුවෙන් ගල් වී මියගොස් තිබේ.

ඉකුත් බදාදා උදෑසන කැනඩා – ඇමරිකා දේශසීමාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පිරිසක් ඇමරිකානු බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස සතුව කුඩා දරුවෙකුගේ ඇඳුම් හා දරුවෙකුට අවශ්‍ය කරන උපකරණ පැවතියද ඔවුන් සමග දරුවෙකු නොසිටීම හේතුවෙන් දේශසීමාවේ දෙපසම අතුරුදන් දරුවා සොයා පිරික්සීමේදී මෙසේ මියගොස් සිටි පිරිස සොයාගෙන තිබේ.

මිය ගොස් ඇති අයගේ අනන්‍යතාව බලධාරීන් විසින් අනාවරණය කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?