කුඩා දරුවෙකු ඇතුලු සිව්දෙනෙක් ශීතලට ගල් වී අවසන් ගමන් යයි

කැනඩාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙමින් සිටි කුඩා දරුවෙකු ඇතුළු සිවු දෙනකු කැනඩාවේ මෙම දිනවල පවතින අධික ශීතල දේශගුණය හේතුවෙන් කැනඩා -ඇමරිකානු දේශසීමාව අසලදී ගල් වී මිය ගොස් සිටියදී දේශ සීමා බලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඉකුත් බදාදා දිනයේ මෙම සිවු දෙනාගේ අධික ශීතලට ගල් වූ සිරුරු සොයා ගත් අවස්ථාවේ එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 35ක් ව තිබී ඇත.

මෙසේ මිය ගොස් ඇති සිවු දෙනාගෙන් දෙදෙනකු වැඩිහිටියන් වන අතර අනෙක් දෙදෙනා කුඩා දරුවෙකු හා තරුණ අයෙකු බව අනාවරණය වී තිබේ.

රාජකීය කැනේඩියානු පොලිසියට අනුව මෙසේ මිය ගොස් ඇති පිරිස පැවති දරුණු හිම පතනයට කොටු වීමෙන් හටගත් අධික ශීතල හේතුවෙන් ගල් වී මියගොස් තිබේ.

ඉකුත් බදාදා උදෑසන කැනඩා – ඇමරිකා දේශසීමාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පිරිසක් ඇමරිකානු බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස සතුව කුඩා දරුවෙකුගේ ඇඳුම් හා දරුවෙකුට අවශ්‍ය කරන උපකරණ පැවතියද ඔවුන් සමග දරුවෙකු නොසිටීම හේතුවෙන් දේශසීමාවේ දෙපසම අතුරුදන් දරුවා සොයා පිරික්සීමේදී මෙසේ මියගොස් සිටි පිරිස සොයාගෙන තිබේ.

මිය ගොස් ඇති අයගේ අනන්‍යතාව බලධාරීන් විසින් අනාවරණය කර නොමැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31