AFC Banner
AFC Banner
Empty Ad

කුඩා දරුවෙක් යොදාගෙන කළ රන් මාල සොරකම – CCTV දර්ශන

පිටකොටුව පොලිස් වසමේ හෙට්ටිවිදීයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලක තිබූ රුපියල් 275,000ක් වටිනා රන් මාලයක් සොරකම් කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටී.

පසුගිය 22 වනදා එම සොරකම සිදුව ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භකර තිබේ.

ස්වර්ණාභරණ මිලට ගැනීමේ මුවාවෙන් අදාළ වෙළෙඳසැලට පැමිණි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු විසින් ඔවුන් සමඟ පැමිණි කුඩා දැරියක් යොදවාගෙන එම රන් මාලය සොරකම් කර ඇත.

එම සොරකම සිදුකරන ආකාරය වෙළෙඳසැලේ සවිකර තිබූ සී.සී.ටීවි කැමරාවල ද පටිගතව තිබුණි.

අදාළ සැකකරු හා සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක,

ස්ථානාධිපති පිටකොටුව 071-8591555

පිටකොටුව පොලිස් ස්ථානය 011-2320734

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?