AFC Banner
Empty Ad
Empty Ad

කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙක් කටුකුරුන්දේ දී දුම්රියට බිලි

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළු කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ දී අද (12) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර, වයස අවුරුදු තුනක දරුවා කළුතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගිය තිදෙනාම කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?