මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළු කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ දී අද (12) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර, වයස අවුරුදු තුනක දරුවා කළුතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගිය තිදෙනාම කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු පැවසුවේ.
