AFC Banner
AFC Banner
Empty Ad

කුඩ්ඩාගේ ගෙදර අයිස් ගැසූ කොස්තාපල්වරු තිදෙනාගේ වැඩ තහනම්

මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිව සිටි පුද්ගලයෙකුගේ නිවසේ රාත්‍රී කාලයේ රැඳී සිටිය දී වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන්ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මතුගම පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක්.

සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු වැලිපැන්න, කෝපිවත්ත, අරලිය උයන, නිවසක රැඳී සිටින බවට වැලිපැන්න පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම නිලධාරීන් තිදෙනා සහ නිවෙස් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම පිරිස පොලිසියට රැගෙන විත් සිදුකළ පරික්ෂාවේ දී අත්අඩංගුවට ගත් නිවෙස් හිමියා යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වන අතර, ඔහු ඉකුත් දිනවල වැලිපැන්න පොලිසිය මගින් සිදුකළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැයිවූවන් පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක සුවසාර කැදැල්ල සඳහා යොමුකළ පුද්ගලයකු බවට අනාවරණය වී තිබෙනවා.

දින 14ක කාලයක් එහි පුනරුත්ථාපනය යොමුකර තිබූ එම සැකකරු දින හතක් පමණක් ගතකර එම ස්ථානයෙන් පළාවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සෙසු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමේ දී ඔවුන් තිදෙනාම මතුගම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් බවට අනාවරණය වූ බවත්, ඔවුන්ගේ ද ශරීරය පුරා පච්ච කොටා තිබූ බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරුන් තිදෙනා කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂණයකට ලක් කර ඇති අතර, ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගේ වැඩ තහනමට ලක් කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේනගේ නියෝග මත කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?