කුඩම්මාගේ සැලකිලි ලැබූ උතුරු – නැගෙනහිරට සජිත්ගේ ඇල්ම බැල්ම ලැබෙයි (ඡායාරූප)

අතීතය අමතක කර නව ගමනක් යෑමටත්, උතුරු නැගෙනහිර ප්‍රජාවට සංවර්ධනයේ අරුණළු උදා කරදීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දු වී තිබෙනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) යාපනය – කන්කසන්තුරේ, අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයට සක්වල වැඩසටහනෙන් රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කරමින්.

මෙම වැඩසටහන සක්වල වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන 230 වැනි අදියර යි.

එමෙන්ම මෙම විද්‍යාලයේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට ද පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000ක මුදලක් ද පරිත්‍යාග කෙරුණා.

මෙම උත්සව අවස්ථාවට එක්ව සිටි උතුරු ප්‍රජාව අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අතීතයේ අමිහිරි මතක අමතක කරමින්, ජාති, ආගම් කුල භේදයකින් තොරා එක රටක එක ජනතාවක් ලෙස ක්‍රියා කළ යුතු බවයි.

මෙතෙක් කල් කුඩම්මාගේ සැලකිල්ල ලැබුණු උතුරු නැගෙනහිර පළාත් ද්විත්වයට ම සංවර්ධනයේ අරුණළු උදා කරන්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා වන තමා පොරොන්දු වන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

B 12
B 11 2
B 10 1
B 9
B 8 3
B 7 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21