කුට්ටිආරච්චිගේ ‘වම්බටු’ නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ නම් ඔහුට කථානායකවරයා මැදිහත්ව දඬුවම් කළ යුතු බවත් එසේ නොමැති නම් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද (25දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාල ගැටලුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දුන් බවත් පසුගිය පාර්ලිමේන්තුවේදී මීටත් වඩා වචන ඇසුණු අතර ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් නොමැති බවත් එහිදී අදහස් පළ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මේ අතර අදට යෙදී තිබුණු කාන්තාවන්ට එරෙහි හිංසන වැලැක්වීමේ ජාත්‍යන්තර දිනය සමගාමීව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තැඹිලි පැහැති පටි සහ “කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු” යනුවෙන් සඳහන් ස්ටිකර්  පැලද පාර්ලිමේන්තුවට පැමිණෙමින් විරෝධය පළ කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?