දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදිඇල්ලරක්ෂිත ප්‍රදේශයේ දී කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (26) අලුයම් කාලයේ සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.
ලොරි රථයේ අලියා ගැටීමෙන් පසු රථය පෙරළී ගොස් ප්‍රවාහනය කරමින් සිටි කුකුළන් විශාල සංඛ්‍යාවක් ද මියගොස් ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
දඹුල්ල සිට බකමූණ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ එක්වරම මාර්ගය හරහා මාරුවීමට ගිය වන අලියෙක් මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර වනජීවී නිලධාරීන් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සඳහන් කළේ, වන අලියෙක් ලොරි රථයේ ගැටීමක් සිදුවූයේ ද, වන අලියාට තුවාල සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් සලකුණක් නොමැති බවයි.
කෙසේ වෙතත් වන අලියාට බිය වී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව එය පෙරළී ගියේද, එසේත් නොමැති නම් වන අලියාගේ ගැටී මෙම අනතුර සිදුවූවා ද යන්න පිළිබඳව පරීක්ෂණය පවත්වන බව දඹුල්ල පොලිසිය සඳහන් කළා.





