පස්සර මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඒ, සමග සමාජ මාධ්‍ය තුළ අදාළ අනතුර සම්බන්ධයෙන් විශාල කතා බහක් ආරම්භ වුණා. ඒ වගේම මෙවැනි පැරණ සිදුවීම් යළිත් කරළියට එන්න පටන් ගත්තා. ඉතිං මේ කියන්න යන්නේ ඒ් වගේ යළිත් කරළියට ආපු කතාවක්…
“කීර්ති බණ්ඩාර විරු ජන සම්මානය”
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත් අඩි දහසකට අධික ප්‍රපාතයකට බසය පෙරළෙනවා. ‘බ්‍රේක් නැතිවුණා. කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න. එසේ රියදුරුගේ හඬ අවදි වීමත් සමගම බස් රථයේ සිටි සියලුදෙනා මරළතෝනි දුන්නා. කීර්ති බණ්ඩාරට කරන්න තිබුණේ එක දෙයයි. ඔහු පල්ලමට බස්රථය යන්න කලින් තමුන්ගේ රියැදුරු අසුන තියෙන පැත්ත හිතලම ගල් ඇන්දේ හැප්පුවා. වේගයෙන් පැමිණි බස් රථය එක හුස්මේ නතර වුණා. මිනිස්සු බස් රථයෙන් බැහැලා ජීවිත බේරා ගත්තා. හැබැයි රියදුරු කීර්ති බණ්ඩාරගේ හුස්ම ආයෙත් ආවේ නැහැ. ඔහු තව එක විරයෙක් වෙලා මේ ලෝකෙ දාලා ගියා.
අජරාමර නිවන්සුවයම අත්වේවා “කීර්ති බණ්ඩාර මහතාට
උපුටා ගැනීම ෆේස්බුක් තුළින්…