AFC Banner
Empty Ad
Empty Ad

කිසිම උණුසුම් තත්ත්වයක් ඇති වුණේ නෑ – ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමෙන් පසු ඇමති කියයි

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය ඇතුළු ආර්ථික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

මෙම රැස්වීම පැය 3කට අධික කාලයක් පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේදීය.

රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ මැතිඇමතිවරු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ,

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියා,

“අවසානයේ තීරණය වුණේ සියලු දෙනා එකට සිටිමින් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න එක. හෙට මේ සියලු ප්‍රශ්න විසඳන්න බෑ. නමුත් කඩිනමින් පෝලිම් අවසන් කරන්න අවශ්‍ය වැඩකටයුතු සිදුවෙයි.”

“කිසිම උණුසුම් තත්ත්වයක් ඇති වුණේ නෑ. සාමකාමීව සාකච්ඡාව සිදුවුණා. බැසිල් ඇමතිතුමාගේ කාර්යක්ෂම දායකත්වය අපේ කණ්ඩායම අගය කළා.”
රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?