AFC Banner
Empty Ad
Empty Ad

කිසිඳු අපේක්ෂකයෙකුට බහුතරය ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ ?

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතුරින් එක් අපේක්ෂකයෙකුට සියයට 50ට වැඩි බහුතරය ලබාගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (23) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව පැවසුවා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙක් මේ වනවිට අභාවප්‍රත්ත වී සිටින අවස්ථාවක ඔහු
වෙනුවෙන් වෙනත් අයෙකු එම දේශපාලන පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් එම ලකුණ යටතේ නම් කිරීමට අවස්ථාව පවතින බව ද කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

එලෙස වෙනත් අපේක්ෂකයෙක් නම් කළත් ඡන්ද පත්‍රිකාවේ වෙනසක් සිදුනොවන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

අලුතින් නම්කරන අපේක්ෂකයාට තරග කිරීමට සිදුවන්නේ පෙර අපේක්ෂකයාගේ (අභාවප්‍රාප්ත වූ අපේක්ෂකයා) නමින් බව කොමසාරිස් ජෙනරාල්වරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
32
+1
3
+1
4
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?