කිසිඳු අපේක්ෂකයෙකුට බහුතරය ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ ?

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතුරින් එක් අපේක්ෂකයෙකුට සියයට 50ට වැඩි බහුතරය ලබාගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (23) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව පැවසුවා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙක් මේ වනවිට අභාවප්‍රත්ත වී සිටින අවස්ථාවක ඔහු
වෙනුවෙන් වෙනත් අයෙකු එම දේශපාලන පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් එම ලකුණ යටතේ නම් කිරීමට අවස්ථාව පවතින බව ද කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

එලෙස වෙනත් අපේක්ෂකයෙක් නම් කළත් ඡන්ද පත්‍රිකාවේ වෙනසක් සිදුනොවන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

අලුතින් නම්කරන අපේක්ෂකයාට තරග කිරීමට සිදුවන්නේ පෙර අපේක්ෂකයාගේ (අභාවප්‍රාප්ත වූ අපේක්ෂකයා) නමින් බව කොමසාරිස් ජෙනරාල්වරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41