spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“කිසිදු ඡන්දයක් නොපැවැත්වීම හෝ කල් දැමීම අපරාධයක්” – හිටපු මැතිවරණ කොමසාරිස් ( ඡායාරූප )

කිසිදු ඡන්දයක් නොපැවැත්වීම හෝ කල්දැමීම අපරාධයක් බවත් මැතිවරණ වියදම් අඩුකරන හැටි ගැනත් හිටපු මැතිවරණ කොමසාරිස් වව්නියාවේදී කියයි.

යම් මැතිවරණයක් මුදල් නොමැති බව පවසා කල් දමන්නේනම් ඕනෑම මැතිවරණයක් එලෙස කල්දැමීමට හැකිවන බවත් ඡන්දයක් නොපැවත්වීම හෝ කල්දැමීම අපරාධයක් බවත් මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ පිළිබඳ පවසා සිටියේ ඊයේ (15) සවස වව්නියාව, තවසිකුලම් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ වියදම් කළමනාකරණය කිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේ මෙලෙසින්.

“රජයේ මුද්‍රණාලයේ වියදම මිලියන 400 ත් 500ත් අතර වෙනවා. එහිදී අත්තිකාරම් මුදලක් පමණයි ඡන්ද විමසීමට පෙර ගෙවන්නේ. ඒ කියන්නේ මිලියන 100 ක් 150 ක් වගේ. ඒකෙන් මිලියන 40 ක් විතර ගෙව්ව කියල මට අහන්න ලැබුණා ප්‍රවෘත්ති වලින්. ඒ නිසා මැතිවරණ කොමිෂමේ නිලධාරීන් අදාල අත්තිකාරම් මුදල ලබාගැනීමට මුදල් අමාත්‍යවරයා වන අතිගරු ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡා කරයි කියලා මම හිතනවා.

මට කියන්න බැහැ කොහොමද තියන්න ඕන කියලා. මොකද මම දැන් කොමිෂණ් සභාවේ නැහැනේ. නමුත් ඡන්දේ තියන්න පුලුවන් අනිත් අයගේ සහයත් තියනවනම්. මොකද ඩොලර් ඕන නැහැනේ ඡන්දය තියන්න. ගෙවීම් සියල්ල කරන්නේ ලංකාවේ මුදලින්නේ. මැතිවරණයක් කල්දානවා කියන්නේ මුදල් නැහැ කියලා ඉදිරියේදී ඕනෑම මැතිවරණයකුත් කල්දාන්න පුලුවන් මේ විදිහට.
මේ කියන විශාල මුදල බිලියන 10 ක් නෙමෙයි 08 වියදම් වෙන්නේ. නමුත් මේ මුදල එකවර නෙමෙයි ඉල්ලන්නේ. ඡන්දයට කලින් ඕන වෙන බිලියන දෙකහමාරක් 3 ක් වගේ ඒ ප්‍රමාණය ටිකෙන් ටික දෙන්න පුලුවන්. ඡන්දයක් නොපැවත්වීම හෝ කල්දැමීම අපරාධයක්. ඒ නිසා කොහොමහරි ඡන්දය තියන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

මැතිවරණ කොමිෂමේ නිලධාරීන් උපරිමයෙන් කටයුතු කරනවා කියල මම හිතනවා. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රමාද වන නිසා ඡන්දය කල්යයිද කියන සැකය තියනවා. තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම 19 අවසන් වෙලා 21 වෙනිදා නිකුත් කලොත් 28 වෙනිදාට වගේ තැපැල් ඡන්දය තියන්න පුලුවන් වුනොත් මාර්තු 09 ඡන්දය තියන්න පුලුවන්.

ඡන්දය පැවත්වීමේදී වියදම් අඩුකරන්නත් පුලුවන්. උදාහරණයක් විදිහට ඡන්ද විමසීමේදී ඡන්දය ගණන් කිරීමට විදුලිය යන්නේ නැහැ. ඡන්ද පොළේම ගණන් කරන නිසා. නිලධාරීන්ට ආහාරපාන සැපයීම වෙනුවට ඒ නිලධාරීන්ටම ආහාර සපයාගැනීමට අවස්ථාව සැලසීම වගේ දේවල් වලින් වියදම් අඩු කරගන්න පුලුවන්.

ඡන්ද විමසීමකට 60% ක් විතර මුදල් අවශ්‍ය වන්නේ ඡන්දෙන් පසුව. එසේ මුදල් නොලැබුණහොත් මැතිවරණ කොමිෂන් සභාවට සිදුවෙයි ආඥාපනතේ විදි විධාන යටතේ යම් සුළු කාලයකට, නිශ්චිත කාලයකට ඡන්දය කල්තැබීමට.


ඒ වගේම සීමා නිර්ණය කිරීමේ කමිටුවේ දිස්ත්‍රීක්ක 25 න් 15 ක පමණ සම්පූර්ණයෙන් අවසන්. අපිට අපේ වාර්ථාව මාර්තු මාසයේ 25 සහ 31 අතර කාලයේදී ලබාදෙන්න පුලුවන් වෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?