කිවියන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 50ක් පසුපසින්

ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ (18) ඇරඹුණු පළමු ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම සිය ප්‍රතිවාදීන්ට වඩා පළමු ඉනිමෙන් ලකුණු 50ක් පසුපසින් රැඳී සිටිනවා.

ඊයේ දිනයේ දී තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 305ක් රැස් කළා.

ඊට පිළිතුරු ඉනිම සිය පළමු ඉනිමට පිතිකරණය අද දිනයේ දී ඇරඹූ නවසීලන්තය අද දිනට තරගය අවසන් කළේ කඩුලු 04ක් දැවී ලකුණු 255ක් ලබා ගනිමින්.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ටොම් ලැතම් ලකුණු 70ක් ලබා ගත්තා.

කේන් විලියම්සන් ලකුණු 55 යි.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඩැරිල් මිචෙල් සහ ටොම් බන්ඩල් නොදැවී පිටියෙහි රැඳී සිටිනවා.

ඒ පිළිවෙළින් ලකුණු 41* ක් ( මිචෙල්) සහ ලකුණු 18* (බන්ඩල්) ක් ලබා ගනිමින්.

නවසීලන්තයේ කඩුලු 04 බිඳ දැමීමේ ශ්‍රී ලංකා ගෞරවයෙන් වැඩි කොටසක් අද දිනයේ දී නායක ධනංජය ද සිල්වා හට හිමි වන්නේ කඩුලු 02ක් ඔහු නමින් සටහන් කරමින් වන අතර රමේෂ් මෙන්ඩිස්ට හා ප්‍රභාත් ජයසූරියට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

හෙට (20) තරගයේ තෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?