කීරි සම්බා හිඟයට පොන්නි සම්බා ගෙන්වන්න අනුමැතිය

මේ වන විට දේශීය වෙළෙඳ පොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි කිරීම පිළිබඳව රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඊට පිළියමක් වශයෙන් GR 11/ පොන්නි සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.

ඒ අනුව එක් ආනයනකරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කිරි සම්බා සහල් වලට ආදේශකයක් ලෙස සලකනු ලබන GR 11/ පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000 ක් වන අතර, එයින් වාර්ෂික කිරි සම්බා පරිභෝජනය 10%ක්, එනම් මෙට්‍රික්ටොන් 246,000 ක් පමණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් - ඉරාන තානාපති හදිස්සියේම හමුවෙයි..
01:10
Video thumbnail
ඉරාන නෞකාවේ මි#ගිය අයගේ සිරුරු කරාපිටිය රෝහලට..මෙන්න නවතම දර්ශන පෙළක්
01:25
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රය එල්ල කළ හැටි විඩියෝවක් එළියට
00:35
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රය එල්ල කළ හැටි විඩියෝවක් එළියට..බලන් ඉද්දිම නෞකාව සුන්නද්දූලි වෙයි
01:03
Video thumbnail
ඉරාන නැවට ප්‍ර#ර එල්ල කළේ තමන් යැයි අමෙරිකාව කියයි..අමෙරිකා ආරක්ෂක ලේකම් සියල්ල හෙළිකරයි
01:52
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26