කිරි ගව ගොවිපොළ ලියාපදිංචියට අලුත් වැඩක්

මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස 2024 ජනවාරි මාසය ප්‍රකාශයට පත් කරන ලෙසට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග රටේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සකසා ඇති පස් අවුරුදූ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව සඳහන්.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සත්ත්ව ගොවිපොළවල් 290,592ක් තිබුණ ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණයි.

ඉන් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් වනවා.

කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා ලබාගැනීමට මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට අපහසු වී තිබෙනවා.

එමෙන්ම සත්ත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් 2024 ජනවාරි මාසය පුරාම සත්ව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා පශු සම්පත් සංවර්ධන මාසය ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා.

දැනට මෙරට කිරිගව ගොවිපොළවල් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර තිබෙනවා.

ඒ අනුව යැපුම් මට්ටමේ කිරිගව ගොවිපොළවල්, සතුන් 100 දක්වා සිටින ගොවිපොළ සහ මහා පරිමාණ කිරි ගව ගොවිපොළවල් ලෙස සතුන් 1000ට වැඩි ලෙසයි වර්ග කර ඇත්තේ.

මේ යටතේ ගවයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි සියලුම ගොවිපළවල් ලියාපදිංචි කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26
Video thumbnail
විගණකාධිපති විශ්‍රාම යද්දී රහස් එළියට - මේක මෙතනින් නවතින්නේ නෑ
08:12

?