කිරි ගව ගොවිපොළ ලියාපදිංචියට අලුත් වැඩක්

මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස 2024 ජනවාරි මාසය ප්‍රකාශයට පත් කරන ලෙසට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග රටේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සකසා ඇති පස් අවුරුදූ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව සඳහන්.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සත්ත්ව ගොවිපොළවල් 290,592ක් තිබුණ ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණයි.

ඉන් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් වනවා.

කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා ලබාගැනීමට මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට අපහසු වී තිබෙනවා.

එමෙන්ම සත්ත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් 2024 ජනවාරි මාසය පුරාම සත්ව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා පශු සම්පත් සංවර්ධන මාසය ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා.

දැනට මෙරට කිරිගව ගොවිපොළවල් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර තිබෙනවා.

ඒ අනුව යැපුම් මට්ටමේ කිරිගව ගොවිපොළවල්, සතුන් 100 දක්වා සිටින ගොවිපොළ සහ මහා පරිමාණ කිරි ගව ගොවිපොළවල් ලෙස සතුන් 1000ට වැඩි ලෙසයි වර්ග කර ඇත්තේ.

මේ යටතේ ගවයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි සියලුම ගොවිපළවල් ලියාපදිංචි කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32