කිරිපිටි මිල අද සිට පහතට

අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු වනවා.

කෙසේ වෙතත් අද හා හෙට නිවාඩු දිනවන බැවින් ලබන සඳුදා සිට නව මිල ගණන් යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර, ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර බේකරි සහ ආපනශාලා වෙත බෙදා හැරීම මේ වන විට සිදුකෙරෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මෙම බිත්තර මහජන සෞඛ්‍යයට අහිතකර බවට ඔප්පු කිරීමට මෙතෙක් කිසිවක් හඳුනාගෙන නොමැති බවයි.

මේ අතර, අද සිට අප්‍රේල් 18 දක්වා මුදල් ගෙවීමකින් තොරව මාර්ග දෙපස එළවළු, පළතුරු සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට අවසර ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44