කිරිපිටි ටොන් හයසීයක් ගුල්ලන්ට කැරපොත්තන්ට

ඉකුත් රජය සමයේ මිල්කෝ සමාගමේ අඹේවෙල කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද කිරි පිටි මෙට්‍රික් ටොන් 600 ක තොගයක් ගුල්ලන්, කැරපොත්තන් සහ මීයන්ගේ රජදහනක් බවට පත්ව ඇතැයි අනාවරණය වේ.

නිෂ්පාදනයේදී ඇතිවූ දෝෂ තත්ත්වයක් නිසා මෙම කිරිපිටි තොගය ඉවත්කර ඇත.

අඹේවෙල කර්මාන්තශාලාවේ ගබඩාවක මෙම කිරිපිටි තොගය ගබඩා කර ඇතැයි මිල්කෝ සමාගමේ සේවකයන් පවසති.

මෙම කිරිපිටි තොගය ටෙන්ඩර් කර සත්ව ආහාර සඳහා ලබාදීමට කටයුතු යොදා ඇතැයිද, ආහාර පාලකවරයා මෙහි ඉදිරි කටයුතු සිදු කරන බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ පැවසීය.

පුත්තලම සිමෙන්ති සමාගමකට මුදල් ගෙවා දහන යන්ත්‍ර මගින් මෙම කිරිපිටි තොගය පුලුස්සා දැමීමට මිල්කෝ සමාගම මීට පෙරදී තීරණය කර තිබූ බවත්, තමා ඇතුළු සමාගමේ නව පාලනාධිකාරිය විසින් මෙම කිරි පිටි තොගය විකුණා ආයතනයට රුපියල් මිලියන 30 ක ආදායමක් ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයිද සභාපතිවරයා කීවේය.

මෙම කිරිපිටි මිනිස් පාරිභෝජනයට එකතු නොවන බවට සහතික විය යුතු බැවින් එහි බලය පැවරී ඇත්තේ ආහාර පාලකවරයාට බවද, මෙය සංකීර්ණ ක්‍රියාවලියක් බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?