කිරිපිටි ටොන් හයසීයක් ගුල්ලන්ට කැරපොත්තන්ට

ඉකුත් රජය සමයේ මිල්කෝ සමාගමේ අඹේවෙල කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද කිරි පිටි මෙට්‍රික් ටොන් 600 ක තොගයක් ගුල්ලන්, කැරපොත්තන් සහ මීයන්ගේ රජදහනක් බවට පත්ව ඇතැයි අනාවරණය වේ.

නිෂ්පාදනයේදී ඇතිවූ දෝෂ තත්ත්වයක් නිසා මෙම කිරිපිටි තොගය ඉවත්කර ඇත.

අඹේවෙල කර්මාන්තශාලාවේ ගබඩාවක මෙම කිරිපිටි තොගය ගබඩා කර ඇතැයි මිල්කෝ සමාගමේ සේවකයන් පවසති.

මෙම කිරිපිටි තොගය ටෙන්ඩර් කර සත්ව ආහාර සඳහා ලබාදීමට කටයුතු යොදා ඇතැයිද, ආහාර පාලකවරයා මෙහි ඉදිරි කටයුතු සිදු කරන බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ පැවසීය.

පුත්තලම සිමෙන්ති සමාගමකට මුදල් ගෙවා දහන යන්ත්‍ර මගින් මෙම කිරිපිටි තොගය පුලුස්සා දැමීමට මිල්කෝ සමාගම මීට පෙරදී තීරණය කර තිබූ බවත්, තමා ඇතුළු සමාගමේ නව පාලනාධිකාරිය විසින් මෙම කිරි පිටි තොගය විකුණා ආයතනයට රුපියල් මිලියන 30 ක ආදායමක් ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයිද සභාපතිවරයා කීවේය.

මෙම කිරිපිටි මිනිස් පාරිභෝජනයට එකතු නොවන බවට සහතික විය යුතු බැවින් එහි බලය පැවරී ඇත්තේ ආහාර පාලකවරයාට බවද, මෙය සංකීර්ණ ක්‍රියාවලියක් බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39