කිරිඳි ඔය පිටාර මට්ටම ආසන්නයේ – බදුල්ලට රතු එළියක්

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට කිරිඳි ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවට වාර්තා වනවා.

වැල්ල්ලවාය සිට තණමල්විල හරහා ලුණුගම්වෙහෙර ජලාශය දක්වා ගලා බසින කිරිඳි ඔයේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් කිරිඳි ඔය ආශ්‍රිත ව පහත් බිම්වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නමුත් මෙම තත්ත්වයෙන් ලුණුගම්වෙහෙර ජලාශය වාන් දැමීමේ අවදානමක් මතු ව නැති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ තවදුරටත් වර්ෂපතනය ලැබුණහොත් කිරිඳි ඔය පිටාර ගැලීමේ අවදානමක් මතුව ඇති බවට දැනුම්දෙමින්.

මේ අතර බදුල්ල – කොළඹ මාර්ගයේ කළුපහන සහ බෙලිහුල් ඔය කොටසේ රිය ධාවනයට සහ ගමනාගමනයට දැඩි අවහිරයක් ඇති ව තිබෙනවා.

ඒ මේ වනවිට එම ප්‍රදේශයේ ගන මිහිදුම් තත්ත්වයක් පවතින බැවින්.

ප්‍රදේශය භාර පොලිසිය පවසන්නේ, මේ හේතුවෙන් රිය ධාවනයේ දී මෙන් ම පයින් ගමනාගමනය කිරීමේ දී මාර්ගය දෙපස සහ රථ වාහන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසටයි.

එමෙන්ම අනතුරු වළක්වා ගැනීමට සෑම රථයක ම ඉදිරිපස විදුලි ලාම්පු දල්වන ලෙසටත් දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03