වයස අවුරුදු 1යි මාස 8ක පමණ සිය දරුවාද සමඟ මාර්ගයේ ගමන්කරමින් සිටියදී පොල්පිතිගම ඉරුදෙනියාය ප්රදේශයේදී තරුණ මවක් ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.
ඉරුදෙනියාය, තොළඹුඇල ප්රදේශයේ පදිංචි අවුරුදු 36ක කාන්තාවක් මෙලෙස ඝාතනය වී ඇති අතර බස් රථයෙන් බැස සිය නිවසට ගමන්කරමින් සිටියදී එම කාන්තාව මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවට හෙළිවී තිබේ.කුඩා දරුවෙකු මාර්ගය අසළ සිටිනු දැක එම මාර්ගයේ ගමන් කළ වෙනත් පුද්ගලයෙකු කළ සෝදිසි කිරීමකදී ඒ අසලම කැලය ඇතුලේ සිටි කාන්තාව සොයාගෙන තිබෙනවා.පසුව අදාළ කාන්තාව කඩිනමින් පොල්පිතිගම රෝහල වෙත ඇතුලත් කිරීමට පියවරගෙන ඇතත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




