කිඹුලාවල වීථි ආහාර කඩ පෙළ ගැන පාර්ලිමේන්තුවේ සංවාදයක්

කිඹුලාවල වීථි ආහාර කඩ පෙළ ඉවත් කර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය කර ඇති නියෝගය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ සංවාදයට ලක් වුණා.

ඒ දසත ලංකා ප්‍රවෘත්ති විසින් මේ සම්බන්ධයෙන් පෙරේදා සිදු කළ අනාවරණ කිරීමත් සමගයි.

ලබන 24 වෙනිදාට පෙර මාර්ගය අසල පිහිටි මෙම වෙළඳසැල් ඉවත් කර ගන්නා ලෙසටයි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ පුද්ගලයින් විසින් මෙම වෙළෙඳසල් ඉදිකර ඇති බව සඳහන් කළ වෙළඳුන් කියා සිටියේ මේ වනවිට කිඹුලාවල නගරයේ ක්‍රියාත්මක වීදි ආහාර අලෙවිසැල් 30කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි.

කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි වීථි ආහාර කඩ පෙළ ඉවත් කිරීමට මහා මාර්ග අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නියෝගය යළි සලකා බලන ලෙස අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඉල්ලා සිටියා.

එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මාර්ග අනතුරු සිදුවීම ඇතුළු මගීන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ දී ගනු ලැබූ තීරණයක් අනුව දිවයිනේ ස්ථාන 3000ක් පමණ හඳුනාගෙන ඇති බවත් කිඹුලාවල ප්‍රදේශය ද ඊට ඇතුලත් වන බවයි.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද අදහස් පළ කළා. ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ අද සවස 3.30ට මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් විශේෂ සාකච්ජාවක් කැඳවා ඇති බවයි.

මෙහිදී විමල් විරවංශ, ජේ.සි.අලවතුවල ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පිඩාවට පත්ව සිටින ජනතාවට ආණ්ඩුව ගනු ලබන මෙවැනි තීරණ හේතුවෙන් තවත් අසීරු තාවයට පත්වන බවයි.

https://youtu.be/LY6nsSUbwGA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?