කිඹුලාවල වීථි ආහාර කඩ පෙළ ගැන පාර්ලිමේන්තුවේ සංවාදයක්

කිඹුලාවල වීථි ආහාර කඩ පෙළ ඉවත් කර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය කර ඇති නියෝගය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ සංවාදයට ලක් වුණා.

ඒ දසත ලංකා ප්‍රවෘත්ති විසින් මේ සම්බන්ධයෙන් පෙරේදා සිදු කළ අනාවරණ කිරීමත් සමගයි.

ලබන 24 වෙනිදාට පෙර මාර්ගය අසල පිහිටි මෙම වෙළඳසැල් ඉවත් කර ගන්නා ලෙසටයි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ පුද්ගලයින් විසින් මෙම වෙළෙඳසල් ඉදිකර ඇති බව සඳහන් කළ වෙළඳුන් කියා සිටියේ මේ වනවිට කිඹුලාවල නගරයේ ක්‍රියාත්මක වීදි ආහාර අලෙවිසැල් 30කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි.

කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි වීථි ආහාර කඩ පෙළ ඉවත් කිරීමට මහා මාර්ග අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නියෝගය යළි සලකා බලන ලෙස අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඉල්ලා සිටියා.

එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මාර්ග අනතුරු සිදුවීම ඇතුළු මගීන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ දී ගනු ලැබූ තීරණයක් අනුව දිවයිනේ ස්ථාන 3000ක් පමණ හඳුනාගෙන ඇති බවත් කිඹුලාවල ප්‍රදේශය ද ඊට ඇතුලත් වන බවයි.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද අදහස් පළ කළා. ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ අද සවස 3.30ට මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් විශේෂ සාකච්ජාවක් කැඳවා ඇති බවයි.

මෙහිදී විමල් විරවංශ, ජේ.සි.අලවතුවල ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පිඩාවට පත්ව සිටින ජනතාවට ආණ්ඩුව ගනු ලබන මෙවැනි තීරණ හේතුවෙන් තවත් අසීරු තාවයට පත්වන බවයි.

https://youtu.be/LY6nsSUbwGA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56