AFC Banner
Empty Ad
Empty Ad

කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

පදවි ශ්‍රිපුර, ගැමුණුපුර ගම්මානයේ පුද්ගලයකු කිඹුල් ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඩබ්.පී.කරුණාරත්න නමැති 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ගම්මානය අසලින් ගලා බසින මාඔය (වැලිඔය)ට පෙරේදා (04) සවස කිසියම් අවශ්‍යතාවකට මොහු බැස තිබෙනවා.

එම අවස්ථාවේ මෙම පුද්ගලයා කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එම පුද්ගලයාගේ දේහය ඊයේ (05) රාත්‍රියේදී සොයාගෙන ඇති අතර සිරුරේ ඇතැම් කොටස් කිඹුළා විසින් කා දමා තිබෙනවා.

මළ සිරුර ඊයේ දින රාත්‍රියේ අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස් ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?