බුද්ධංගල කුණු වලේ අලියෙක් මියයයි

අම්පාර නගර සභාව මගින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල අංගනය තුළ වනඅලියෙක් මිය ගොස් තිබෙනවා.

අද (06) දින අලුයම මෙම අලියා මියගොස් ඇති බවයි වනජීවී අම්පාර කාර්යාලයට වාර්තා වී ඇත්තේ.

උස අඩි 08ක් පමණ වන මෙම වනඅලියා වයස අවුරුදු 30ක් පමණ වන පිරිමි සතෙක් බව වනජීවී නිලධාරීන් පවසනවා.

මෙම ස්ථානයට එකතු වන කුණු ආහාරයට ගැනීම සඳහා දිනපතාම වනඅලි පැමිණෙන අතර මෙම අලි එලවීම සඳහා අම්පාර නගර සභාව ක්‍රියාත්මක නොවන බවයි ගම්වාසීන් පවසන්නේ.

අවස්ථා ගණනකදී වනජීවි දෙපාර්මේන්තුව මගින් මෙම කුණු ඇළ ආවරණය වන පරිදි අලි වැට ඉදිකරනු ලැබුවත් වනඅලින් මෙම වැට ඉවත් කරමින් පැමිණ කුණු ආහාරයට ගැනීමට පුරුදු වී සිටිනවා.

වනජීවී දෙපාර්මේන්තුව වැට ඉදිකිරිමෙන් පසුව එය රුක ගැනිමේ වගකීම ඇත්තේ නගර සභාවට බවයි වනජීවි දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුව නිසා මෙම කුණු වල තුළ වනඅලින් අවස්ථා කිහිපයකදී මිය ගොස් තිබුණා.

මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නැගෙනහිර වනජීවි සෞඛ්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා විසින් පවත්වා තිබෙනවා.

මෙම වන අලියා විසින් කුණු ආහාරයට ගන්නා අවස්ථාවේ ඒ සමග පොලිතින් ද ආහාරයට ගැනිම නිසා කුසතුල ඇතිවූ ආසාදන තත්වය හේතුවෙන් මෙම මරණය සිදුවි ඇති බවට ඔහු නිගමනය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55