පෙම්වතා සමඟ සතුටු වෙන්න හෝටල් කාමරයට ගිය පෙම්වතිය අවාසනාවන්ත ලෙස මිය ගිහින්

23 හැවිරිදි හෙද උපාධිධාරිනියක් හෝටලයක දී තම පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු අධික රුධිර වහනයකින් මිය ගිය පුවතක් ඉන්දීය මාධ්‍ය අද (01) වාර්තා කරනවා.

පසුගිය සැප්තැම්බර් 23 වනදා ගුජරාට් ප්‍රාන්තයේ නවසාරි ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුවී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා හෝටලයේ කාමරයක් තුළ ලිංගිකව එක්වෙමින් සිටියදී කාන්තාවගේ යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතා ගිලන් රථයක් එහි කැඳවා පෙම්වතිය රෝහල් ගත කරනවා වෙනුවට ලේ ගැලීම නතර කරන්නේ කෙසේදැයි අන්තර්ජාලයෙන් සොයා ලබා ඇති බවයි හෙළිව ඇත්තේ.

එහිදී ලේ ගැලීම නැවැත්වීම සඳහා ඔහු රෙදි කැබැල්ලක් භාවිත කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වී තිබෙනවා.

පසුව පෙම්වතිය සිහිසුව ඇති අතර, එහිදී බියට පත් වූ පෙම්වතා තම මිතුරියක හෝටලයට කැඳවා පෙම්වතියව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ තරුණියව පසුව රජයේ රෝහලක් වෙත මාරුකර යවා ඇති අතර, පෙම්වතා සිය පෙම්වතියගේ දෙමාපියන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඔවුන්ට විස්තරය පවසා ඇති අතර, ඔවුන් රෝහලට පැමිණෙන විටත් තරුණිය මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් තරුණියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සූරත් සිවිල් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, 26 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27