”කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දමමු” යනුවෙන් මුහුණු පොතේ පළ වූ පෝස්ටුවක් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කර තිබෙනවා.
ඉසුරු සුරවීර යන පුද්ගලයෙක් මෙම පෝස්ටුව මුහුණු පොතේ ඊයේ (01) පළ කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පාතාලයේ ප්‍රබලයන් දෙදෙනෙකු වන හොකී කටා සහ කුඩු සළිදු සම්බන්ධයෙන් ලබා දුන් නියෝග සම්බන්ධයෙන් විවේචනය කරමින් මින් පෙර ද අවස්ථා ගණනාවක දී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මරණ බව කියමින් තර්ජනාත්මක ලිපි යොමු කර තිබූ අතර ඊට අදාළ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගැනුණේ.
”මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනක දී බෞද්ධාගමට අපහාස වන අයුරින් අදහස් දක්වමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරි බව කියන නතාෂා එදිරිසූරියට අසත්‍ය චෝදනා යටතේ නඩු පැවරීම හේතුවෙන් මෙම පෝස්ටුව පළකර ඇති අතර මහේස්ත්‍රාත්වරයා සහ ඔහුගේ පවුලේ අය මරා දැමීමට මෙම පුද්ගලයා ඉන් යෝජනා කර තිබෙනවා.














අනිවාර්යයෙන්ම මෙවැනි දැ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි.
මෙවැනි තර්ජනාත්මක පෝස්ටර් ඉදිරිපත්කරන නූගත් තුට්ටුදෙකේ මරිමෝඩයින් වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියේ නඩු විභාග කොට උපරිම දඬුවම් දියයුතුයි.
අනිවාර්යයෙන්
නිවැරැදි තීන්දු ගන්නා ලද විනිසුරුවන්ට තර්ජන කිරීම සුලුවෙන් සැලකිය යුතු නැත..එවැන්නන්ට දැඩි නීතිමය පියවර ගත යුතුයි
Modabimanaye ekek.. ganan ganna epa.. hariyata case 1 demme nethi unama thama.. ethulata yawana ewun berenne.. salli passe yana salayo peris lath waga kiyanna one..
එතුමා සාධාරණ හා නීතනීතිගරුක මහත්මයෙක්…. එතුමා ආරක්ෂා කලයුතුයි,කව්රුත් දන්නෙ නැතුව ඇති ….. එතුමා විශාල වශයෙන් සමාජ සේවයේ යෙදෙන කෙනෙක් ….. මමත් ,හයිසින්ත් විජේරත්න මැතිනිය,හා රමණී සිරිවර්ධන සමඟ එතුමා හමුවීමට ගියා….. හොඳ මහත්තයෙක්….
වැඩි කාලයක් යන්න කලින් පාතාලේ කියලා කියාගෙන රගාගෙන ඉන්න උන්ට STF නැතිව SF කියන බලගනේ තෝරාගත් සොල්දාදුවන් පිරිසක් අනියුක්‍ත කරා නම් හොදයි කියලා රජය තීරණය කරන දවස වැඩි ඈතක නෑ. උඩ පනිනවා බොහොම වැඩී දැන් උන්. කන්න තමා හදන්නේ ලගදිම. මොන ප්‍රශ්න තිබුනත් මොන වැරදි තිබුනත් ගෝඨා ඉන්න දවස් වල මීක් ගෑවේ නෑ ලොන්ත පැටව්. ඒ තරම් බය උනා. ආයෙම එලි බැහැලා. ඇත්තටම SF එකට භාර දෙන්න ඕනි මුංව නැති කරලම දාන්න. නමගිය එකෙක් දෙන්නෙක්ට අදුරගන්න වත් බැරි වෙන්න තියලා දැම්මා නම් අනික් උන් පාං කියන් නෑ. මොකද උන්ට තියලා දැම්මා කියලා කවුරුත් පව් කියන්නේ නෑ. ඕකුන් මේ රටට ඇත්තටම සාපයක්. හැදිගෑවිලාම යන්න ඕනි.🖕💩🤮