මාදුගඟේ සංචාරයක් සඳහා පැමිණි පිරිසකට පහරදීමක් (වීඩියෝ)

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙලකර තිබෙනවා.

සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුනට ලබාදුන් ආරක්ෂිත කබාවල ගාංචු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සංචාරකයින් විසින් ඒ පිළිබඳව අදාළ සංචාරක බෝට්ටුව පදවන්නා දැනුවත් කර තිබුණා.

එහිදී එයට උරණ වූ බෝට්ටුකරු එම පිරිසට පරුෂ වචනයෙන් බැන බෝට්ටුවෙන් බැහැරව යන ලෙස පවසා තිබෙනවා.

ඉන් පසුව එම පිරිස වෙනත් බෝට්ටුවකින් සංචාරය සිදුකර තිබුණා.

එම සංචාරකයින් යළි ගොඩබිමට පැමිණ තමන් පැමිණි බස් රථයට ගොඩවැදුණු අවස්ථාවේ පෙරකී බෝට්ටු සේවකයින් පිරිස එම ස්ථානයට පැමිණ එම සංචාරකයින්ට පහර දී තිබෙනවා.

පහරකෑමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එම සංචාරකින් අතර සිටි ගැබිණි මව්වරුන්ටද පහර එල්ලකර ඇති බව සඳහන්.

මොවුන් ඒ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසිය දැනුවත් කර ඇති අතර එම සංචාරකයින් කියා සිටින්නේ; මාදුගඟේ සංචාරය සඳහා පැමිණෙන පිරිස් නිසි ආරක්ෂාවක් සහිතව සංචාරය කිරීමට වාතාවරණයක් නිර්මාණය කරවන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40