වගාවන් වනසන සද්ධන්තයින්ගෙන් ගම්මුන්ට හානි

නොච්චියාගම, ළිඳ වැව ගම්මානයට කඩා වදින වනඅලින් විසින් ගම්මානයේ බව භෝග විනාශ කරමින් සිය දෛනික ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කරන බව එම ගම්වාසීන් පවසනවා.

අනුරාධපුර, නොච්චියාගම ළිඳ වැව ප්‍රදේශයට කඩා වදින වන අලි හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උදා වී ඇති බවයි ගම්වාසින් පවසන්නේ.

විල්පත්තුව රක්ෂිතයේ සිට හතළිස් දෙනෙකුගෙන් පමණ යුතු වන අලි රංචු සවස් කාලය වන විට ගම්වැදි ප්‍රදේශයේ සියලුම බව භෝග විනාශ කර දමන බවත් ප්‍රදේශයට ඇඳිරි වැටීමත් සමග රාත්‍රි කාලයේ සිට උදෑසන දක්වා තමන්ට නිවෙස් වලට පමණක් සීමා වී ජීවත්වීමට සිදුව ඇති බව ඔවුන් සඳහන් කරනවා.

මෙම ගම්මාන ආරම්භයේ සිටම මෙම වනඅලි උවදුර පැවතියද විදුලි පන්දම් දැල්වීම සහ ගිනිමල පත්තු කිරීම තුළින් එම වන අලින් පලවා හැරීම සිදුකළ නමුදු මේ වන විට එවැනි උපක්‍රමයන් මගින් වන අලීන් පලවා හැරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ගම්වාසීන් සඳහන් කර සිටින්නේ.

වනඅලි ගම් වැදීම පිළිබඳව අවස්ථා ගණනාවක් පුරා බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ගම්මානය වටා විදුලි වැටක් නොතිබීම වන අලි ගම්වැදීමට මූලික හේතුව බවත් පවසන ගම්වාසීන් තවදුරටත් කියා සිටින්නේ; අලි වෙඩි හෝ තුවක්කු ලබාදී පැලැස්තර යොදනවා වෙනුවට මෙම වනඅලි සම්බන්ධයෙන් තමන්ට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ගම්මානයේ ජනතාවගේ මූලික ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තය බැවින් වනඅලින් විසින් එම භවභෝග විනාශ කිරීම තුළින් තමන්ගේ ජීවනෝපායටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ඔවුන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38