කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටස ඊයේ (07) රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම කොටස මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවයි.
ඒ, අනුව ඊයේ (06) රාත්‍රි 08.30 සිට ලබන 10 වනදා පෙරවරු 06.00 දක්වා එම කොටස වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය එම කාලය තුළ කොළඹ කොටුව සිට කොස්ගම දක්වා පමණක් සීමා වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















