කැරොලයින් සහ චුලා අද අධිකරණයට

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටින ලෙසට කුරුඳුවත්ත පොලිසිය දැනුම් දී තිබෙනවා.

දැනට පොලිස් ඇප මත මුදාහැර සිටින කැරොලයින් ජූරිට මෙන්ම නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍රටද අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජන කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වාට සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බියගැන්වීම සහ ඇයට සුළු තුවාල කිරීම යන චෝදනා යටතේ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය විසින් ඉකුත් 08 වැනිදා අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හරිනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?