කැරම් බෝඩ් නඩුවේ තීන්දුව ඇත්තටම ලැබෙන්නේ කොහෙන්ද ?

2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් බෙදාදීමේ නඩුවකට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ලක්ව තිබෙනවා.

ඩාර්ක් රූම් යූටියුබ් නාළිකාව හෙළිකරන ආකාරයට මෙම නඩුවට දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවට බරපතළ සැකයක් මතුව තිබෙන බවයි ඩාර්ක් රූම් යූටියුබ් නාළිකාව පවසන්නේ..

අදාළ නඩුව 2026 පෙබරවාරි 05 වැනිදා කොළඹ මහාධිකරණයේ දී කැඳවූ අතර, එදින නඩුව ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුවදීමට නියමිතව තිබූ බවයි ඩාර්ක් රූම් යූටියුබ් නාළිකාව හෙළිදරව් කරන්නේ.

ඒ, සඳහා දෙපාර්ශ්වය ජනවාරි මුල් සතියේ ලිඛිත තර්ක ඉදිරිපත් කළ යුතු බවට අධිකරණය කලින්ම නියෝග කර තිබුණත්, නීතිපති දෙපාර්තමේන්තුව එම නියෝගය පැහැර හැර ඇති බවයි ඩාර්ක් රූම් පවසන්නේ.

විත්ති පාර්ශ්වය නියමිත වේලාවට සිය තර්ක ඉදිරිපත් කළත්, නීතිපති දෙපාර්තමේන්තුව සිය ලේඛන ඉදිරිපත් කර ඇත්තේ නඩුවට දින දෙකක් තිබියදී බව ඔවුන් සඳහන් කරනවා.

ඒ, අනුව ඩාර්ක් රූම් නාළිකාව විසින් චෝදනා එල්ල කරන්නේ, විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ නීතිමය තර්ක කලින් කියවා බලා, ඒ අනුව තමන්ගේ ලිපි ලේඛන සකස් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් නිලධාරීන් මෙලෙස කූඨ ලෙස කාලය ලබාගත් බවටයි.

මේ හේතුවෙන් අධිකරණයට එදින තීන්දුව ලබාදීමට නොහැකි වූ අතර, නඩුව කල් ගියේ එම නිසා බවයි ඩාර්ක් රූම් පෙන්වා දෙන්නේ.

මෙම පමාව පිටුපස රහසක් ඇති බව පවසන ඩාර්ක් රූම් යූටියුබ් නාළිකාව, මාර්තු මාසයේ දී මේ සම්බන්ධ තවත් අභියාචනා නඩුවක් විභාගයට ගැනීමට නියමිත අතර, එම කාලය වන තෙක් මෙම තීන්දුව පමා කිරීම මෙහි අරමුණ වී ඇති බවට ද චෝදනා එල්ල කර තිබෙනවා.

ඩාර්ක් රූම් නාළිකාව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙය සාධාරණ නඩු විභාගයක මූලධර්මවලට පටහැනි ක්‍රියාවක් සිදුකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
18
+1
4
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10