AFC Banner
AFC Banner
Empty Ad

කැබිනට් ඇමතිකම් නොමැතිව පොහොට්ටුවේ පිරිසක් කනස්සල්ලෙන්

කැබිනට් අමාත්‍යධුර නොලැබීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් කනස්සල්ලෙන් පසුවන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

කැබිනට් අමාත්‍යධුර 30න් මේ වනවිට අමාත්‍යධුර 18ක් පත්කර ඇති අතර, තවත් පත් කිරීමට ඉතිරිව ඇත්තේ අමාත්‍යධුර 12ක් පමණයි.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන නිල සංචාරයෙන් අනතුරුව එම කැබිනට් අමාත්‍යවරුන් පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

පත් කිරීමට ඇති කැබිනට් අමාත්‍යධුර 12 සඳහා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුගේ නම් යවා ඇති අතර, අනෙකුත් පක්ෂවලට ද අමාත්‍යධුර කිහිපයක් ලබාදීමට සිදුවීම හේතුවෙන් පොදුජන පෙරමුණට හිමිවන කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 08ක් පමණ දක්වා අඩුවීමට ඉඩකඩ පවතින බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් කැබිනට් අමාත්‍යධුර සඳහා නම් යොමුකළ ද මෙතෙක් ඒවා නොලැබීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දැඩි කනස්සල්ලෙන් පසුවන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?