කැබිනට් ඇමතිකම් නොමැතිව පොහොට්ටුවේ පිරිසක් කනස්සල්ලෙන්

කැබිනට් අමාත්‍යධුර නොලැබීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් කනස්සල්ලෙන් පසුවන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

කැබිනට් අමාත්‍යධුර 30න් මේ වනවිට අමාත්‍යධුර 18ක් පත්කර ඇති අතර, තවත් පත් කිරීමට ඉතිරිව ඇත්තේ අමාත්‍යධුර 12ක් පමණයි.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන නිල සංචාරයෙන් අනතුරුව එම කැබිනට් අමාත්‍යවරුන් පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

පත් කිරීමට ඇති කැබිනට් අමාත්‍යධුර 12 සඳහා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුගේ නම් යවා ඇති අතර, අනෙකුත් පක්ෂවලට ද අමාත්‍යධුර කිහිපයක් ලබාදීමට සිදුවීම හේතුවෙන් පොදුජන පෙරමුණට හිමිවන කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 08ක් පමණ දක්වා අඩුවීමට ඉඩකඩ පවතින බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් කැබිනට් අමාත්‍යධුර සඳහා නම් යොමුකළ ද මෙතෙක් ඒවා නොලැබීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දැඩි කනස්සල්ලෙන් පසුවන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42