කැබිතිගොල්ලෑව උණුසුම් කළ සිද්ධියෙන් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට

ඊයේ (31) රාත්‍රියේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්ත්වය අතර තුර පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අදාළ පොලිස් සැරයන්වරයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේ දී මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.

ඊයේ (31) රාත්‍රී කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලීසිය එම ස්ථානයට යමින් සිටි අවස්ථාවේ කලහකාරී තත්ත්වයක් ඇති වුණා.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් ද සිදුකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?