කැබ් රථයක් කොල්ලකෑ 4ක් පැය කිහිපයක් තුල අල්ලයි

කැබ් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) සවස පෙරියපලෙයි හන්දියේදී රුපියල් ලක්ෂ 26ක් පමණ වටිනා කැබ් රථය කොල්ල්ලකෑමට ලක්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ක්ෂණික මාර්ග බාධක යොදා අලිමංකඩ ප්‍රදේශයේදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැබ් රථයේ රියදුරා සහ තවත් දෙදෙනෙකු යාපනය සිට පලෙයි රෝහල දෙසට ගමන් කර ඇති අතර පෙරියපලෙයි හන්දියේදී පුද්ගලයන් තුන් දෙනෙකු මාර්ගය මැදට පැන කැබ් රථයේ ගමන අවහිර කර තිබූ බව සඳහන්.

පසුව රියදුරා ද ඇතුළුව කැබ් රථයේ ගමන් කළ තුන්දෙනා බිමට ඇද දමා කැබ් රථය පැහැරගත් සැකකරුවන්, පැමිණි ත්‍රී රෝද රථය ද රැගෙන වව්නියාව දෙසට පළාගොස් තිබුණා.

පොලිසිය විසින් අලිමංකඩ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දැනුවත් කර අදාළ රථය නතර කරන ලෙසට දැනුම්දී තිබුණ ද එය නොනවත්වා පළාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව පලෙයි පොලිසියේ නිලධාරීන් සහ අලිමංකඩ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් කැබ් රථය හඹාගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග බාධක මගහරිමින් පළා යමින් සිටි සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය ද මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගැණුනා.

මෙම කොල්ලකෑමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25, 30 සහ 34 යන වයස්වල පසුවන මාන්කුලම් සහ පුවරාසකුලම් ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?