කැබ් රථයක් කොල්ලකෑ 4ක් පැය කිහිපයක් තුල අල්ලයි

කැබ් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) සවස පෙරියපලෙයි හන්දියේදී රුපියල් ලක්ෂ 26ක් පමණ වටිනා කැබ් රථය කොල්ල්ලකෑමට ලක්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ක්ෂණික මාර්ග බාධක යොදා අලිමංකඩ ප්‍රදේශයේදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැබ් රථයේ රියදුරා සහ තවත් දෙදෙනෙකු යාපනය සිට පලෙයි රෝහල දෙසට ගමන් කර ඇති අතර පෙරියපලෙයි හන්දියේදී පුද්ගලයන් තුන් දෙනෙකු මාර්ගය මැදට පැන කැබ් රථයේ ගමන අවහිර කර තිබූ බව සඳහන්.

පසුව රියදුරා ද ඇතුළුව කැබ් රථයේ ගමන් කළ තුන්දෙනා බිමට ඇද දමා කැබ් රථය පැහැරගත් සැකකරුවන්, පැමිණි ත්‍රී රෝද රථය ද රැගෙන වව්නියාව දෙසට පළාගොස් තිබුණා.

පොලිසිය විසින් අලිමංකඩ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දැනුවත් කර අදාළ රථය නතර කරන ලෙසට දැනුම්දී තිබුණ ද එය නොනවත්වා පළාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව පලෙයි පොලිසියේ නිලධාරීන් සහ අලිමංකඩ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් කැබ් රථය හඹාගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග බාධක මගහරිමින් පළා යමින් සිටි සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය ද මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගැණුනා.

මෙම කොල්ලකෑමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25, 30 සහ 34 යන වයස්වල පසුවන මාන්කුලම් සහ පුවරාසකුලම් ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37