කැනෙඩියානු රජය සිංහලයන්ගේ හිමිකම් අවලංගු කරයි

කැනඩාවේ ඔන්ටාරියෝ හි දෙමළ ජන සංහාර අධ්‍යාපන සතියක් ප්‍රකාශයට පත් කිරීම “අධ්‍යාපනික” අරමුණක් වෙනුවෙන් සිදුකරන ලද්දක් බව පවසමින් කැනේඩියානු අධිකරණයක් විසින් එම ක්‍රියාමාර්ගය තහනම් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කර ඇත.සෑම වසරකම මැයි 18 දිනෙන් අවසන් වන දින හතේ කාලසීමාව ලෝක ඉතිහාසයේ දෙමළ ජන සංහාර සහ අනෙකුත් ජන සංහාර සිදුකළ කාලසීමාව ලෙස කැනේඩියානු දෙමළ ඩයස්පෝරාව විසින් නම් කිරීම නීති විරෝධී බව පවසමිනි.සිංහල අයදුම්කරුවන් මෙහිදී කියා ඇත්තේ අන්තර්ජාතික නීතිය යටතේ කිසිදු දෙමළ ජන සංහාරයක් පිළිගෙන නොමැති බවත්,”ජන සංහාරය” යන යෙදුම භාවිතා කිරීමට කැනේඩියානු පළාත් රජයට බලයක් නොමැති බවත්ය.

එක් ජන කණ්ඩායමකට එරෙහිව තවත් කණ්ඩායමක් කෙරෙහි වෛරය ප්‍රවර්ධනය කරන බවත් නඩුවේදී තර්ක කර තිබිණි. සිංහල අයදුම්කරුවන්ගේ හිමිකම් ඉල්ලීම අවලංගු කරමින් ඔන්ටාරියෝ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ 26 වසරක සිවිල් යුද්ධය ශ්‍රී ලංකාව විසින් අවසන් කළ නමුත් ‘සටන අවසන් වී නොමැති’ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?