කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ශෙවොන් ඩැනියෙල් අද එක්දින වරම් හිමි කර ගනිමින් තරගයට ක්‍රීඩා කරනවා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, චරිත් අසලංක, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ දිල්ෂාන් මදුෂංක එක්ව සිටිනවා. දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ අද කණ්ඩායමට නම් කර නැහැ.

මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව C&D Upper and Lower Stands කොටස්වලට පැමිණ අවසන් එක්දින තරගය නැරඹිය හැකියි.

පස්වරු 2.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුනා.

දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු දෙකකින්. එබැවින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගය අතිශයින් වැදගත් වනු ඇති.

පළමු සහ දෙවන එක්දින තරග නැරඹීමට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එතරම් ක්‍රිකට් ලෝලීන් පිරිසක් පැමිණ නොතිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?