කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ශෙවොන් ඩැනියෙල් අද එක්දින වරම් හිමි කර ගනිමින් තරගයට ක්‍රීඩා කරනවා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, චරිත් අසලංක, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ දිල්ෂාන් මදුෂංක එක්ව සිටිනවා. දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ අද කණ්ඩායමට නම් කර නැහැ.

මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව C&D Upper and Lower Stands කොටස්වලට පැමිණ අවසන් එක්දින තරගය නැරඹිය හැකියි.

පස්වරු 2.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුනා.

දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු දෙකකින්. එබැවින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගය අතිශයින් වැදගත් වනු ඇති.

පළමු සහ දෙවන එක්දින තරග නැරඹීමට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එතරම් ක්‍රිකට් ලෝලීන් පිරිසක් පැමිණ නොතිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14