පාකිස්තාන දේශ සීමා ආසන්නයේ පිහිටා ඇති කාශ්මීර ප්‍රාන්‍ත කොටසට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 307ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා බලධාරීන් විසින් මෙම මරණ ගැන නිල වශයෙන් තහවුරු කර ඇති බවයි.
අවම වශයෙන් ජලගැලීම් හේතුවෙන් නිවාස 74කට දේපොළ හානි සිදුව ඇති බවත් විපතට පත් වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් අතරතුර හෙලිකොප්ටරයක් ද කඩා වැටී එහි කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම හෙලිකොප්ටරය කඩා වැටීමෙන් මියගිය පිරිස අතරට කාශ්මීරයේ නවදෙනෙකු හා උතුරු ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ 05 දෙනෙකු ද ඇතුළත්.
රජයේ නිවේදනය කළේ ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති රටේ වයඹ දෙසින් අගෝස්තු 21 වන දින දක්වා අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.
බුනර් හි, දිවි ගලවා ගත් අයෙක් AFP පුවත් ඒජන්සියට පැවසුවේ ගංවතුර “විනාශයේ දිනය” මෙන් පැමිණි බවයි.




