කාශ්මීරයේ ගංවතුරින් මියගිය ගණන 300 පනියි – මෙහෙයුමට එක් වූ යානයකුත් කඩා වැටෙයි

පාකිස්තාන දේශ සීමා ආසන්නයේ පිහිටා ඇති කාශ්මීර ප්‍රාන්‍ත කොටසට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 307ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා බලධාරීන් විසින් මෙම මරණ ගැන නිල වශයෙන් තහවුරු කර ඇති බවයි.

අවම වශයෙන් ජලගැලීම් හේතුවෙන් නිවාස 74කට දේපොළ හානි සිදුව ඇති බවත් විපතට පත් වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් අතරතුර හෙලිකොප්ටරයක් ද කඩා වැටී එහි කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම හෙලිකොප්ටරය කඩා වැටීමෙන් මියගිය පිරිස අතරට කාශ්මීරයේ නවදෙනෙකු හා උතුරු ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ 05 දෙනෙකු ද ඇතුළත්.

රජයේ නිවේදනය කළේ ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති රටේ වයඹ දෙසින් අගෝස්තු 21 වන දින දක්වා අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.

බුනර් හි, දිවි ගලවා ගත් අයෙක් AFP පුවත් ඒජන්සියට පැවසුවේ ගංවතුර “විනාශයේ දිනය” මෙන් පැමිණි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46