කාන්තා විරෝධතාවකට එල්ලවූ ප්‍රහාරයක් ගැන පෙත්සමකට විරෝධතා දක්වන්න නීතිපතිට කල් දෙයි

පොල්දූව මංසන්ධියේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු සාමාජික කාන්තාවන් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ජල ප්‍රහාර එල්ල කර එම විරෝධතාව කඩාකප්පල් කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නීතිපතිවරයාට කල් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ඒ එච්.එම්.ඞී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙසටයි.

ඒ අනුව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අද සිට සති හතරක කාලයක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 01 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ජාතික ජනවලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු එහි සාමාජිකාවන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිසාවභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කාරියන් කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවති ඉකුත් 04 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බවයි.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රතිපාදන සියයට 51කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කළ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සාමකාමී ලෙස පැවති එම විරෝධතාවයට පොලිස් නිලධාරීන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ජල ප්‍රහාර එල්ලකොට විසුරුවා හැරීමට කටයුතු කළ බවත් එවැනි බලයක් යෙදවීමට එම අවස්ථාවේදී පොලිසියට කිසිදු අවශ්‍යතාවයක් මතු නොවූ බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

එම ජල ප්‍රහාර සිදු කරන අතරතුර ඇතැම් කාන්තාවන් අමානුෂික සැලකීම් වලට භාජනය වූ බවත් එහි සඳහන්.

පොලිසිය විසින් සිදුකළ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කාරියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව එක් එක් පෙත්සම්කාරියට වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසටයි අදාළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53